හොර දැව ඇද්ද සභාපති මාට්ටු

බලපත්‍ර නොමැතිව වටිනා කොස් දැව තොගයක් ආවරණය කළ ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන වැලිගම හිටපු සභාපතිවරයෙක් ඇතුළු තිදෙනෙකු කොක්මාදුව අධිවේගී පිවිසුම අසලදී කනංකේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැව සිරිමවුන්වත්ත රජයේ වාරිමාර්ග රක්ෂිතයෙන් කැපුවේ දැ යි සොයා විමර්ශන සිදුකරන බව පොලීසිය පවසනවා.

ඉකුත් දා ගම්වාසීන් රජයේ රක්ෂිතයකට ඇතුළු වී මෙසේ රක්ෂිතයක් විනාශ කරන බවට පොලීසිය ඇතුළු නිළධාරින් දැනුවත් කළ අතර ගම්වාසීන් එක්ව එම ස්ථානය වටලද්දී සභාපතිවරයා ප්‍රධාන සැකකරුවෝ පැන ගොස් පැන ගොස් ඇතිබවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් කනංකේ පොලිස් බුද්ධි නිළධාරියකුට කොක්මාදුව පිවිසුම අසලට දැව පැටවූ ලොරි රථයක් පැමිණෙමින් ඇතැයි ලද තොරතුරු මත රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි නිළධාරින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles