රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහට විවේකය අවශ්‍ය බව පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන චාමර වීරසිංහ ගයකයාට මාස 06ක් පමණ ගීත ගයනා කිරීමට නොහැකි වන බව පවසනවා.
එසේම මේ වන විට චාමර වීරසිංහ කෘතිම ශ්වසන ආධාරක වලින් තොරව සාමාන්‍ය පරිදි ශ්වසනය සිදු කරන බවත් නැවත ගානය සිදු කළ හැක්කේ වෛද්‍ය උපදෙස් අනුව බවයි ඔහු පවසන්නේ.
විශේෂයෙන් මාස හයක් පසු වනතුරු චාමර වීරසිංහ ගයකායාට ගීත ගායනය කළ නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඔහු සඳහන් කළේ සමාජ මාධ්‍ය තුළ පැතිර යන ආකාරයේ උගුරේ ශල්‍යකර්මයකට ඔහුව භාජනය නොකෙරුණු අතර නමුත් ඔහුගේ හඬට යම් විවේකයක් අවශ්‍ය නිසා මෙසේ තව දුරටත් කළුබෝවිල රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා දෙන බවයි.
එසේම ඔහුව තවදුරටත් දැඩි සත්කාර ඒකකය තුළ රඳවා ගනිමින් දැඩි නිරීක්ෂණයක යටතේ තබා ගෙන සිටින්නේ සුව රෝගී තත්වය සුව අතට හැරෙමින් තිබෙන නිසා බව ද සඳහන් කරන ඔහු තවත් නොබෝ දිනකින් චාමර වීරසිංහ ගයකායාට සියයට සියයක් සුව අතට පත් විය හැකි බවට බලාපොරොත්තු පල කරනවා.