මනූෂ ලැජ්ජා නහරය කැපුව කෙනෙක්: විජේසිරිගෙන් සැර කතාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ සමගි ජනබලවේගයේ චමින්ද විජේසිරි ඊයේ (03) මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් කරන ලද ප්‍රකාශයක් දැඩි විවේචනයකට බඳුන් කරනු ලැබුවා.

ගෝඨාභය රාජපක්ෂ ජනපති සමයේ ඇති වූ අර්බුදයේදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට රට බාර ගැනීමට පැවසුවත් ඔහු එය බාර නොගෙන දැන් කයිය ගසන බවට මනූෂ නානායක්කාර ඇමැතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් චමින්ද විජේසිරි මෙසේ පැවසුවා.

“මනූෂ නානායක්කාර කියන්නෙ එයාට හොඳ වෙනකොට ඕනෑම බලු පහත් වැඩක් කරලා එයාගෙ සාක්කුව පුරවගෙන ඒ වෙනුවෙන් හිටගන්න පුළුවන් දේශපාලන චරිතයක් කියන එක අපි දන්නවා. ඉතිහාසයේ එයා දේශපාලනය කරපු පක්ෂ, පිල් මාරු කරපු තැන් පිළිබඳව එතුමාගේ කටෙන්ම කියලා තියනවා. ඒ නිසා ඒ ලැජ්ජ නැති දේශපාලන කණ්ඩායම් කියන ඒවා අපි අහන්නෙ නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles