ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සමගි ජනබලවේගයට එක් වී තිබෙනවා.
සජබෙ නායක සජිත් ප්‍රේමදාස ඔහුව හබරාදූව ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇති අතර සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයක් ද හබරාදූවේදී විවෘත කර තිබෙනවා.
“පොහොට්ටුව දන්නෙ නෑ ඒක තියන්නෙ කොහෙද කියලා, ඒක තියන්නෙ ඇමරිකාවෙද එහෙමත් නැත්නම් පස්වෙනි පටුමගේ ද නැත්නම් මැදමුලෙනද කියලා. ඒක කොහෙ තියනවාද කියල කවුරුත් දන්නෙ නෑ.” සමගි ජනබලවේගය කාර්යාලය විවෘත කරමින් පැවැත්වූ රැස්වීමේ දී ඔහු පවසා තිබෙනවා.