ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගනිමින් නව දේශපාලන සන්ධානයක් බිහි කර ගැනීමේ කටයුතු සිදුවෙන බව වාර්තා වෙනවා. සන්ධානයක් සඳහා එක් කර ගත හැකි වෙතැයි සැලකෙන දේශපාලන පක්ෂවල නායකයන් සමග මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම සන්ධානයේ නායකත්වයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පත් කිරීමට, වත්මන් ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන ද කැමැත්ත පළ කර තිබෙනවා. සන්ධානයේ බලයෙන් 50% ක් ශ්‍රිලනිපයට සහ අනෙක් පක්ෂවලට 50%ක් ලෙසින් බෙදී යනු ඇති. නායකත්ව මණ්ඩලයකින් එය ක්‍රියාත්මක වෙන බවයි පැවසෙන්නේ.
විවිධ දේශපාලන කණ්ඩායම්, ජවිපෙ පෙර මතවාදයේ සිටි කණ්ඩායම්ද මෙයට එක් වෙනු ඇති බව කියැවෙනවා. ජනපතිවරයා වෙත ප්‍රසිද්ධියේ සහය පළ කරන බව කියන නිමල් ලාන්සාගේ මන්ත්‍රී කණ්ඩායමද ඒ හා එක් වෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, දේශපාලන වශයෙන් අනාථ වුණු තත්වයක සිටින විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ජාතික නිදහස් පෙරමුණ මේ සඳහා එක් වෙන බව දේශපාලන ආරංචි මාර්ග විශ්වාසය පළ කරනු ලැබුවා.