මරණ සහතිකය ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව සකස් කර අවසන් වී තිබෙනවා.
ඒ අනුව ලබන සතියේ සිට නව මරණ සහතිකය ලබා දීමට නියමිත බවයි සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ.
මෙතෙක් පැවති මරණ සහතිකයේ මරණයට හේතුව පමණක් සඳහන් කොට B-18 පෝරමය යටතේ නිකුත් කළ ද නව මරණ සහතිකය තුළ මරණයට හේතුපාදක වූ කරුණු හතරක් යටතේ කරුණු 24 ක් එහි අඩංගුයි.
රෝගියාට ලබා දුන් වෛද්‍යමය තොරතුරු, රෝගියා පිළිබඳ විස්තර, ඥාතීන් පිළිබඳ විස්තරද ඒ අතර ඇතුලත් වන අතර එය අන්තර්ජාතික නිර්නායකයන්ට අනුකූලව සකස් කරන ලද මරණ සහතිකයයි.
එසේම එළැඹෙන සතියේ සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331 ට මරණ පරීක්ෂකවරයෙකු බැගින් පත් කිරීමටද ඉදිරියේ දී නියමිත බව ද එම සංගමය පවසනවා.