පාස්කු දින ප්‍රහාරය ගැනත් Channel 4 වීඩියෝවක් – ‌ගෝඨාභයටත් චෝදනා රැසක්

2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා සිදුවූ බිහිසුණු ත්‍රස්ත බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වූ විශේෂ වාර්තා වැඩසටනක් බ්‍රිතාන්‍යයේ නිර්මාණය කර තිබෙනවා.

එය සැප්තැම්බර් මස 05 වෙනිදා බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතයි.ඒ එදින බ්‍රිතාන්‍ය වේලාවෙන් 11.05 ට.

තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයේ (TMVP) නායක පිල්ලෙයාන් (සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්) ගේ මාධ්‍ය ලේකම්ව සිටි අසාද් මවුලානා විසින් පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ බරපතල අනාවරණයන් කිහිපයක්ම මෙම වීඩියෝ වැඩසටහනේ අන්තර්ගතව ඇති බවයි විදේස් ආරංචි මාර්ග පවසන්නේ.

පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, නීතිපතිවරයා සහ රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ ඇතුළු රජයේ බලධාරීන් කිහිපදෙනෙකු වෙත මෙම වාර්තා වැඩසටහනින් චෝදනා එල්ලවී ඇතැයි ද එම ආරංචි මාර්ග පවසනවා.

මෙම වැඩසටහනට සම්බන්ධයෙන් මේ වනවිටත් ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමුව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles