බාල බෙහෙත්වලින් මරණ 27ක්!

බාල බෙහෙත් භාවිතය නිසා මරණ 27ක් සිදුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී අද( 8 )පැවසුවා.

ඔහු මෙසේ පැවසූවේ  සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදී.

බාල බෙහෙත් නිසා සිදුවූ මරණ වැසැංගීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සටකපට වී තිබෙන බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටිනවා.
මරණ සම්බන්ධයෙන් සෙවීමට පත් කළ කමිටුවට නිර්දේශ කර ඇත්තේ අදාළ මරණ අසාත්මිකතාවන් නිසා දැයි සෙවීමට බවයි ඔහු පවසන්නේ. ඒ නිසාවෙන් මරණ සිදුවූ සැබෑ හේතුව අනාවරණය නොවෙන බවත් පූර්ව නිගමනයක් සහිතව කමිටු නිර්දේශ ලබාගෙන තිබෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles