සිවිල් ඇඳුමෙන් කරන පරීක්ෂා ගැටලුසහගතයි : වැ.බ. පොලිස්පතිගෙන් Lankaline වෙත ප්‍රකාශයක්

ඊයේ දිනයේ නාරම්මලදී පොලිස් නිලධාරියෙක් විසින් වෙඩි තබා තරුණයෙකු ඝාතනය කළ සිදුවීම මේ වන විට මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙනවා. ඊයේ කුපිත වූ ජනතාව නාරම්මල පොලිසියට පහර දී දේපළ විනාශ කිරීම දක්වා තත්වය බැරෑරුම්ව තිබුණා. තත්වය පාලනය කිරීම වෙනුවෙන් විශේෂ කාර්ය බලකාය කැඳවීමට පවා බලධාරීන්ට සිදු වූ බව වාර්තා කෙරුණා.

යුක්තිය මෙහෙයුමේදී රට පුරා මෙවැනි සමහර සිදුවීම් වාර්තා වීම දක්නට ලැබුණු අතර මෙම මෙහෙයුම මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද අවධානයට බඳුන්ව තිබෙන තත්වයකදී Lankaline අප දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා අමතනු ලැබුවා.

ඔහු ඊයේ නාරම්මල සිදුවුණු සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ගවලට අමතරව පොලිස් දෙපාර්තමේන්තු මට්ටමෙන් විනය පරීක්ෂණයක්ද පවත්වන බවයි. කෙසේ වෙතත් ඔහු තවදුරටත් කියා සිටියේ සිවිල් ඇඳුමෙන් ගොස් මෙලෙස මහජනයා පරීක්ෂා කළ විට මහජනයා බරපතළ අපහසුතාවට පත් වන්නේ මේ අය පොලිස් නිලධාරීන් බව හඳුනාගන්නට ඔවුන්ට නොහැකි වීමෙන් බවයි. එසේම මෙවැනි ආකාරයෙන් කටයුතු කිරීම, පොලිස් දෙපාර්තමේන්තුවේ නිවැරදි ලෙස කටයුතු කරන නිලධාරීන් පවා අපහසුතාවට පත් වීමට හේතුවක් බව ඔහු අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles