පරිවාස මධ්‍යස්ථානවල රඳවා සිටින දරුවන්ට ආහාර ඇතුළු අවශ්‍යතා නොලැබෙන තත්වයක් උද්ගතව ඇති බව වාර්තා වෙනවා. ආර්ථික දුෂ්කරතා එයට හේතුවයි.
මෙම ආයතනවල රඳවා සිටින දරුවන්ගේ ආහාර වේල් වෙනුවෙන් පළාත් සභා මගින් වෙන් කෙරෙන්නේ රුපියල් 100 බවත්, ඇතැම් පළාත් සභාවලින් රුපියල් 50ක් බවත් දැක්වෙනවා.
පවතින බඩු මිල ගණන් යටතේ ආහාරවේලක් සඳහා එම මුදල කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැති බව ආයතන පාලකයන් පෙන්වා දෙනවා.
රට පුරා මෙවැනි මධ්‍යස්ථානවල දරුවන් 10700ක් පමණ සිටින අතර මේවා බොහොමයක් රාජ්‍ය නොවන සංවිධානවලින් පාලනය වෙනවා. පරිවාස මධ්‍යස්ථාන පළාත් සභා විෂය යටතට ගැනෙන නිසා මධ්‍යම රජයෙන් සිදුවන්නේ කටයුතු සම්බන්ධීකරණයක් පමණක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනය අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා.
පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන දරුවකු වෙනුවෙන් වෙන් කෙරෙන මුදල රුපියල් 500 ක් දක්වා වැඩි කරන ලෙසයි මධ්‍යස්ථාන පාලකයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
දෙමාපිය රැකවරණය අහිමි වූ දරුවන්, විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලද දරුවන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුවන් මෙම පරිවාස මධ්‍යස්ථානවල රඳවා සිටිනවා.