කරාපිටියේ හෘද රෝගී දරුවෝ අවදානමේ

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීටකරණ ඒකකයේ සේවය කරමින් සිටි විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාම මේ වන විට සේවයේ නැති බව වාර්තා වෙනවා. එක් වෛද්‍යවරයෙක් විදේශගතව ඇති බවත් අනෙක් වෛද්‍යවරයා මේ වන විට පුහුණුවක් සඳහා පිටත්ව ගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මේ අනුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීටකරණය ඒකකය අක්‍රීයව ඇති බවයි පැවසෙන්නේ. රෝගී දරුවන් හෘද කැතීටකරණ කටයුතු සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පිටත් කර හැරීමට සිදුව තිබෙන අතර එය දරු ජීවිත අවදානමක දැමීමක් බව ජනතාව පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles