ඊයේ දහවල් පල්ලෙ කැලේ ප්‍රදේශයෙන් දිය නෑම පිණිස මහවැලි ගඟට ගිය වයස අවුරුදු 15ක පිරිමි දරුවෙක් දියේ ගිලී මියගොස් තිබෙනවා. තැන්නෙකුඹුර පාලම අසල සිය ඥාතීන් සමඟ මේ දරුවා දිය නාමින් සිටියදී දියේ ගිලී අනතුරට පත්ව ඇතැයි පල්ලෙකැලේ පොලිසිය ලද තොරතුරක් මත විමර්ශන ක්‍රියාත්මකයි.
ඊයෙ සවස් කාලයේ හලාවත පොලිස් වසමේ තිත්තමඩම ආසන්නයේ දැදුරු ඔයේ ගිලීමෙන් වයස අවුරුදු 4ක සිඟිත්තියක් මිය ගොස් තිබෙනවා. හලාවත පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා.