මේ වන විට රජයේ පාසල්වල ක්‍රියාත්මක වන ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලන් යෝජනා කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
මේ සඳහා 11 ශ්‍රේණියේදී පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේ දී පවත්වා 11-12 ශ්‍රේණිවලදී උසස් පෙළ සඳහා යොදවන ඇති. මෙම ප්‍රතිසංස්කරණ අනුව දරුවෙකුගේ පාසල් කාලය වසර 17කින් නිම වෙනු ඇති.
පහේ ශිෂ්‍යත්වය විභාගය පාසල් පාදක කරගත් ඇගයීම්වලින් යම් ප්‍රතිශතයක් සහ විභාගයෙන් ලකුණු යම් ප්‍රතිශයක් ලබා දෙමින් ලකුණු ලබා දීමේ ක්‍රමයක්ද ඇති කර තරඟකාරිත්වය අවම කිරීමටද යෝජනා කර තිබෙන බවයි පැවසෙන්නේ.
සාමාන්‍ය පෙළ සඳහා නියමිත විෂය සංඛ්‍යාව 9 සිට 7 දක්වා අඩු කර ඒම විෂයන් 7 තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, තාක්ෂණික හා වෘත්තීය කුසලතා, ආගමික හා සාරධර්මය යන නව විෂයන් ත්‍රිත්වය හැදෑරීම අනිවාර්ය කිරීමටද නියමිත වෙනවා.