යාපනයේ චුන්නාකම් පොලිසියේදී අමානුෂීය ප්‍රහාරයකට ලක් වූ තරුණයෙකු හදිසි ප්‍රතිකාර සඳහා 28 දා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වෙනවා.
හොරකමක් සම්බන්ධයෙන් යාපනයේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ තරුණයෙකු අත්අඩංගුවට ගෙන චුන්නාකම් පොලිසිය වෙත රැගෙන යෑමෙන් පසුව ඔහුට පොලිසිය ඉතා අමානුෂීය ලෙස පහර දුන් බව එම තරුණායා රෝහලේදී ප්‍රකාශ කර ඇති අතර පොලිසිය පහර දීම නිසා එම තරුණයාගේ ඉල ඇටයක් බිඳී ගොස් කශේරුකාවටද හානි සිදුව ඇති බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබෙනවා.
මීට පෙර ද යාපනයේ තරුණයෙකුට වඩුක්කෝඩෙයි පොලිසිය තුළදී පහර දීම නිසා ඔහු බරපතල තුවාල ලැබූ අතර ඔහු රෝහල් ගත කිරීමෙන් පසුව මියගිය අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කරනු ලැබුවා.