පාස්කු ප්‍රහාරය සැලැසුම් කළ අය ගැන තමා දන්නා බවත්, අධිකරණය ඒ ගැන විමසන්නේ නම් හෙළිදරව් කිරීමට සූදානම් බවත් හිටපු ජනපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා නුවරදී මාධ්‍ය හමුවේ කියා සිටියා.
ඒ ගැන පරීක්ෂණ කරන ලෙස පොලිසියට උපදෙස් ලැබී ඇතැයි වාර්තා වුණු අතර, එම අදහස් දැක්වීම පිළිබඳ ප්‍රකාශයක් ලබා දීමට තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව හිටපු ජනපතිවරයා පොලීසිය වෙත දැනුම් දී ඇතැයි තවදුරටත් වාර්තා වෙනවා.