හිටපු සෞඛ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසට අද දින (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ තිබෙනවා. ඒ ව්‍යාජ ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් කෙරෙන ආන්දෝලනාත්මක පරීක්ෂණය සඳහා ප්‍රකාශ සටහන් කර ගැනීමටයි.
ව්‍යාජ ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දීම සහ තවත් ඖෂධ වර්ග ගණනාවක් එසේ ලබා දීම සම්බන්ධයෙන් උක්ත පරීක්ෂණය පැවැත්වෙන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, එම අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුළු පිරිසක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා. අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයාගේ නිවසට ගිය අවස්ථාවේ ඔහු වෙනුවෙන් නීතිඥ කණ්ඩායමක්ද පෙනී සිටි බවයි කියැවෙන්නේ. කෙසේ වෙතත්, ඔහු සතුව තිබී ලියකියවිලි ප්‍රමාණයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.