කුලී හමුදා ජාවාරම ප්‍රවර්ධනය කළ ජනප්‍රිය නිළියන් ගැන CID විමර්ශන

විශ්‍රාමික හමුදා සාමාජිකයන් කුලී හේවායන් ලෙස විදෙස් යුද්ධ සඳහා යොමු කළ විදෙස් රැකියා ඒජන්සිය ප්‍රවර්ධනය කළ ජනප්‍රිය නිළියන් කිහිපදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේ සීඅයිඩී සූදානමක් ගැන වාර්තා වෙනවා.

මෙම කුලී හේවා ජාවාරමේ මහමොළකරුවෙකු වන චතුරංග නමැත්තා මහනුවර කටුගස්තොට පිහිටි ගොඩනැගිල්ලක සිය විදේශ රැකියා ඒජන්සිය පවත්වාගෙන ගොස් තිබෙනවා. යුරෝපීය සංචාර, අධ්‍යාපන වීසා මුවාවෙන් මෙම ඒජන්සිය පවත්වාගෙන ගොස් ඇතත් රුසියාවට කුලී හේවායන් ගෙන යාමේ ප්‍රධාන කටයුත්තක් මෙහි සිදු කර ඇති බවයි පැවසෙන්නේ.

මේ දිනවල ප්‍රධාන රූපවාහිනී නාලිකා කිහිපයක විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයක රංගනයෙන් එක් වෙන නිළියන් තිදෙනෙක් ඒ අතර සිටින බව නිල නොවන ආරංචි මාර්ග පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles