පෙරේදා (12) අලුයම අලුත්කඩේ ලෝකේට් ලේන් වත්ත ප්‍රදේශයේ නොසන්සුන්කාරී වාතාවරණයක් පැන නැගුණු බව වාර්තා වුණා. එහිදී ප්‍රදේශවාසීන් පොලිසියට පහර දී තිබුණු අතර පිරිසක් අත්අඩංගුවට ගැනුණා.
කෙසේ වෙතත්, මේ වන විට වාර්තා වන්නේ,
කොටුව පොලිසියේ නිලධාරීන් සිව් දෙනෙකු මත්ද්‍රව්‍ය වැටලීමක් පිණිස සිවිල් ඇඳුමෙන් සැරසී එදින එහි ගොස් ඇති බවයි. එහිදී මේ පිරිසට තරුණයන් දෙදෙනෙකු විසින් පහර දී තිබුණා.
ඉන් පසුව ඔවුන් ද ප්‍රතිප්‍රහාර එල්ල කර තිබූ අතර පසුව යතුරුපැදිවලින් සහ ත්‍රිරෝද රථවලින් පැමිණි 40 ක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් තමන්ට පහර දී දේපළවලට අලාභහානි කළ බව ලෝකේට් ලේන් ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
පසුගිය දා පොලිස් සැරයන්වරයෙකු සිවිල් ඇඳුමින් සැරසී ගොස් වෙඩි තැබීම නිසා අවාසනාවන්ත ලෙස තරුණයෙකුට දිවි අහිමි වූ අතර වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේ සිවිල් ඇඳුමෙන් එලෙස කටයුතු නොකරන ලෙසයි. කෙසේ වෙතත්, කොටුව පොලිසිය මේ මත්ද්‍රව්‍ය වැටලීම සඳහා ගොස් ඇත්තේ සිවිල් ඇඳුමෙන් සැරසී බවයි වාර්තා වූයේ.
යුනිපෝම් ගිහින් අල්ලන්න වෙන්නෙ කුඩු කාරයොන්ගෙ පුප තමයි 😂