පාර්ලිමේන්තුවේ කමිටු කාමරයක තිබී කොට්ට සහ මෙට්ට ආදිය හමු වූ බවට පැතිර යන ආරංචි අසත්‍ය බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර පවසනවා.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්ත සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් කිරීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙන බව මහලේකම්වරිය පෙන්වා දෙනවා.
“ලිංගික අතවර සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ නිලධාරියකුගේ වැඩ තහනම් කර ඇති අතර, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම සඳහා පත් කළ කමිටු සාමාජිකයන් පෞද්ගලිකව හමුවී හෝ දුරකතනයෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් අදාළ කරුණු පිළිබඳව දැනුම් දීමට අවස්ථාව සලසා දී ඇතැ යි” පාර්ලිමේන්තු මහලේකම්වරිය නිවේදනයක් මගින් දන්වා තිබෙනවා.