ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයට අනුව 2019 වසරේ අයහපත් කාලගුණික තත්ත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රටවල් අතර ශ්‍රී ලංකාව 30 වැනි ස්ථානයේ පසුවන බව පරිසර අමාත්‍යවරයා පවසනවා.
මෙම ශ්‍රේණිගත කිරීම සුළි කුණාටු, ගංවතුර සහ අනෙකුත් දේශගුණික විපත් සඳහා රටට ඇති අවදානම පෙන්නුම් කරනවා. ලෝක බැංකුව විසින් වාර්තා කරන ලද පරිදි, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 87% ක් මධ්‍යස්ථ හෝ දැඩි උණුසුම් ප්‍රදේශවල ජීවත් වන බවත් එය උෂ්ණත්වය ඉහළ යාමේ අවදානම තවත් උග්‍ර කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවති වැඩමුළුවකට සහභාගි වෙමින් පරිසර අමාත්‍ය නසීර් අහමඩ් අමාත්‍යවරයා මේ අදහස් දැක්වූවා.
දේශගුණික විපත් හේතුවෙන් ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් මිලියන 380 ක පාඩුවක් සිදුවන බවයි එහිදී සඳහන් කෙරුණේ.