ක්ලබ් වසන්ත ඝාතනය : සැකකරුවන්ට අධිකරණ නියෝගයක්

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ව සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එම ඝාතනය සම්බන්ධයෙන් 11 දෙනෙක් අත්අඩංගුවේ පසුවෙන අතර ඔවුන්ව අද (20) දැඩි ආරක්ෂාවක් යටතේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත පවරන ලෙසද මෙහිදී කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ බවයි සඳහන් වන්නේ.

එසේම සැකකරුවන් හට ජීවිත තර්ජන ඇති බවට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දැක්වීම මත ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙසද මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබන අතුරුගිරිය පොලීසිය අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් අදාළ වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුවන් දෙදෙනා සම්බන්ධයෙන් කරුණු රාශියක් අනාවරණය වී ඇති බව දැනුම් දී තිබුණා.

ඝාතනයට ලක් වූ පුද්ගලයන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණය වෙත ලැබී තිබූ අතර ඒ පිළිබඳව වැඩිදුර විභාගය සැප්තැම්බර් 2 වනදා සිදු කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles