රජයේ යටි අරමුණක් එළියට! විහාරමහාදේවී උද්‍යානයත් පවරා ගනියි

කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පරිපාලනය කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට (UDA) උපදෙස් ලබා දී තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරී පනතේ 50 වැනි වගන්තියට අනුව ඕනෑම දේපළක් සංවර්ධන කටයුතු සඳහා පවරා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරියට හැකියාව තිබෙන බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් පසුගිය අරගල සමයේ විරෝධාකරුවන් විසින් රජයට එරෙහි විරෝධය පළ කිරීමට විහාරමහාදේවී උද්‍යානය තෝරාගෙන තිබුණා.

ඒ අනුව ප්‍රසන්න අධිකාරී අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ විරෝධාකරුවන් මර්ධනය කිරීමට ඇති යටි අරමුණකින් බවයි විශ්වාසදායී ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles