පෙරේදා (21) රාත්‍රියේ අධික වර්ෂාව නිසා කොළඹ-බදුල්ල මාර්ගයේ සීලගම කොටසේ ස්ථානයකට පස් කන්දක් වැටී මාර්ගය අවහිරව වුණා. අදාළ අංශ දැඩි පරිශ්‍රමයක් දැරුවද මේ තාක් මාර්ගය මුදා ගැනීමට නොහැකි වී තිබෙනවා. පස් කන්ද සමඟින් විශාල ගල් පර්වතයක්ද මාර්ගයට වැටී තිබෙන අතර වෑයමෙන් එක් මංතීරුවක් ඊයේ පාදා ගැනීමට හැකි වුවද වර්ෂාව නිසා නැවත එම කොටසද අවහිර වී තිබුණා.
මේ අතර එම මාර්ගයේ ම පුවක්පිටිය පෙදෙසෙන්ද පස් කන්දක් කඩා වැටීම නිසා මාර්ගය අවහිර වී ඇති බවට වාර්තා වුණා.