ලබන 22 වැනි සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ නගරයේ සිදු කෙරෙන රථවාහන වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය නව ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කොළඹ නගරයේ රථවාහන වැරදි නිරීක්ෂණය කිරීම සඳහා CCTV කැමරා භාවිතා කිරීමට පොලිසිය කටයුතු කරන බව වැ.බ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.
ඒ අනුව CCTV නිරීක්ෂණයෙන් වැරදිකරුවන් හඳුනාගන්නා බවත් අදාළ දඩ පත්‍රිකා වාහනයේ ලියාපදිංචි අයිතිකරුගේ ළඟම ඇති පොලිස් ස්ථානය වෙත යවන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.