කොළඹට පැය 18ක් වතුර නැහැ

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අගෝස්තු 19 දින පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, සෙනසුරාදා(19) උදෑසන 8:00 සිට පසු දින ඉරිදා (20) අලුයම දෙක දක්වා කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල සහ රත්මලාන සහ කටුබැද්ද ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටු වනවා.

විදුලි බල මණ්ඩලයේ අධිබලැති විදුලි රැහැන් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles