කොළඹ නගර සභා කුඩා පාසල් ගණනාවක පිරිමි සිසුන් සිය ගණනක් පාසල් හැර යන තත්වයක් නිර්මාණය වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසනවා.
පාසල් සෞඛ්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය අයේෂා ලොකුබාලසූරිය ආර්ථික අර්බුදය හේතුවෙන් ළමුන් සිය ගණනක් පාසල් හැරයාමට පටන්ගෙන ඇති බවත් කොළඹ, කුරුණෑගල වැනි ප්‍රදේශවල තත්ත්වය වඩාත් දරුණු බවත් මාධ්‍ය හමුවකදී පැවසුවා. කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කුඩා පාසල් රැසක පිරිමි සිසුන් පාසල් අධ්‍යාපනය හැර ගොස් ඇති බව පැවසූ ඇය විදුහල්පතිවරුන් පවා මේ තත්ත්වයෙන් අසරණ වී සිටින බව කියා සිටිනවා.
මේ හේතුවෙන් ඉදිරියේදී රට බරපතළ සමාජ ගැටලු ගණනාවකට මුහුණ දිය හැකි බවට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයන් මත පළ කරනවා.
මේකට හේතුව මොකක්ද ?
ආර්ථික අර්බුදය