ජනාධිපතිවරණයට එනවාද? ජනපති පිළිතුරු දෙයි!

තම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය මීළඟ ජනාධිපතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබෙනවා.

මාධ්‍ය නියෝජිතයන් සමඟ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය මැතිවරණය ජයග්‍රහණය කරන බවයි.

තම පළමු කාර්යය රටේ බංකොලොත්භාවය අවසන් කර ඇති බව සහතික කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පවසා තිබෙනවා.

බංකොලොත්භාවය අවසන් කර රට ස්ථාවර කළ පසු නව සැලසුම් හඳුන්වාදීම සිය බලාපොරොත්තුව බව ජනපතිවරයා තවදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles