නාමල්ගේ වත්කම් ගැන සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගෙන් පැමිණිල්ලක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂට එරෙහිව සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් විසින් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙනවා.

ඒ නාමල් රාජපක්ෂ ඉදිරිපත් කර ඇති වත්කම් ප්‍රකාශනවල සඳහන් කර ඇති ඇතැම් වත්කම් පිළිබඳ පරස්පර විරෝධීතාවයක් ඇති බවට සඳහන් කරමින්.

සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇතැයි සඳහන්.

නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති වත්කම් ප්‍රකාශවල පිළිගත නොහැකි ගැටලු ඇති අතර ඔහු සිය වත්කම් පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදී නොමැති බවයි සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles