අවසන් තරගය පාවාදීමක්දැයි සොයන්න පැමිණිල්ලක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට පරාජයට පත්වීම, තරග පාවාදීමක් ද යන්න සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ඊයේ (18) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබෙනවා.

එම සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසා සිටියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීයෑම පිළිබඳව දැඩි සැකයක් ඇති බවත් තරගය පාවා දී ඇති ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින නිසා මෙම පැමිණිල්ල සිදුකළ බවත්ය.

මීට පෙර 1999 සහ 2003 ලෝක කුසලාන තරගාවලිවලදී ශ්‍රී ලංකා පිල ලද පරාජයන් සම්බන්ධයෙන් එම තරග පාවාදී ඇති ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක වී ඇති බව ද ඒ මහතා කියා සිටිියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles