වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට නැවත අවස්ථාවක් දිය යුතු බවට තමා කළ ප්‍රකාශය හේතුවෙන් තමා රනිල් ගොටටෙකු බවත් පක්ෂය කැඩීමට සූදානම්වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැමුන් කරන ප්‍රකාශ තමා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
මේ මොහොතේ රනිල් හැර වෙනත් විකල්පයක් රටට නොමැති නිසා තමා ඔහු වෙනුවෙන් පෙනී සිටින බව පවසන අමාත්‍යවරයා එය සිදු කරන්නේ හෘද සාක්ෂියට එකඟව බව වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
එය රාජපක්ෂලාට එරෙහිවීමක් නොව රට ගැන සිතීමක් බවයි ඔහු අවධාරණය කරන්නේ.