ස්පා යුවතිය පැහැරගන්න හැදූ කොස්තාපල් දැලේ

කුරුවිට, දුම්රිය පාරේ සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණ එහි සිටින කාන්තාවක බලහත්කාරයෙන් පැහැරගැනීමට ලක් කළ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන තිබුණා.

කුරුවිට පොලිසිය පසුගියදා මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා සහ ඔහු සමඟ සිටි බහුකාර්ය දෙපාර්තමේන්තුවෙන් පොලිසියට අනුයුක්ත කළ අයකු අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලද තොරතුරක් මතයි.

අත්අඩංගුවට ගත් දෙදෙනා සිරිපාගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ බවයි සඳහන් වන්නේ.

සැකකරුවන් රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපමත මුදා හැර තිබෙන අතර පොලිස් විශේෂ කාර්යංශයේ අධ්‍යක්ෂකවරයා විසින් පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles