සිය පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක් කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අනුයුක්තව සිට ඇත්තේ පොලිස් මූලස්ථානයට යි. ඔහුගේ පෙම්වතිය පොලිස් කොස්තාපල්වරියක් බව වාර්තා වෙනවා. ඇයගේ සේවයද මේ වන විට අත්හිටුවා තිබෙනවා.
විමර්ශනවලදී හෙළි වී ඇත්තේ දෙදෙනා එක්ව මිල්ලනිය පොලිසියේ රාජකාරි කරද්දි පෙම් සබඳතාවක් ඇති වී ඇති බවත්, නිතර නිතර හමු වී ඇති අතර කොස්තාපල්වරියගේ නිරුවත ඡායරූපගත කර ඇති බවකුයි.
සබඳතාවය අවසන් වී ගොස් තිබිය දී කොස්තාපල්වරයා එය නැවත ගොඩ නගා ගැනීමට වෑයම් කළත් ඇය කැමති වී නැහැ. එයින් නොමනාපයට පත් පොලිස් කොස්තාපල්වරයා ඇගේ නමින් ව්‍යාජ ගිනුමක් සාදා සමාජ මාධ්‍යයේ ඇගේ නිරුවත් ඡායාරූප පළ කර තිබෙනවා. ඉන් නොනැවතී ඇගේ රාජකාරී බල ප්‍රදේශයේ උසස් නිලධාරීන් වෙත ද එම ඡායාරූප යවා තිබෙනවා.
කොස්තාපල්වරිය පරිගණක අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකින් පසුව කළ විමර්ශනයේ දී සැකකාර කොස්තාපල්වරයා පොලිස් මූලස්ථානයේ දී ම අත්අඩංගුවට ගෙන තිබෙනවා.