ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි අවදානමක

මෙරට ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රය යළි කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.

පසුගිය වසරේ අවසන් කාර්තුව වන විට එහි යම් වර්ධනයක් දැකිය හැකි වුවද, ඉදිකිරීම් කර්මාන්තයේ ගැටලු විසඳීමට වගකිව යුතු පාර්ශ්ව නිසි අවධානයක් යොමු කර නැති බැවින් එය යළි කඩා වැටීමේ අවදානමට ලක්ව ඇති බවයි එම සංගමයේ සභාපති එම්. ඩී. පෝල් කියා‌ සිටින්නේ.

කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් කඩා වැටුණු ඉදිකිරීම් ක්ෂේත්‍රය පසුගිය 2023 වසරේදී සුළු වශයෙන් වර්ධනයක් පෙන්නුම් කළද විශාල පරිමාණයේ ව්‍යාපෘති රට තුළ ක්‍රියාත්මක නොවීමත් සමග යළි ඉදිකිරීම් ක්‍ෂේත්‍රය කඩා වැටීමේ අවදානමට ලක්ව ඇතැයි ඔහු පෙන්වා දෙනවා.

දැනට අතරමග නැවතුණ ව්‍යාපෘති ගණනාවක් තිබෙන නමුත්, ඉදිකිරීම් ක්ෂේත්‍රය නගාසිටුවීම වෙනුවෙන් මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබියදී පවා එම ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සඳහා රජය මෙතෙක් කිසිදු වැඩපිළිවෙලක් ආරම්භ කර නැති බව ද එම සංගමය අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles