ඉන්දියාව සමඟ ඇති කර ගැනීමට සාකච්ඡා වෙමින් පැවතුණු ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) අප්‍රේල් මාසයේදී අත්සන් කිරීමට නියමිත බව ආරංචි මාර්ග වාර්තා කරනවා.
මෙම ගිවිසුම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විරෝධය පළ කරනු ලැබුවා. මෙම ගිවිසුම හරහා ඇතිවන ඉඩ ප්‍රස්ථා හේතුවෙන් ඉන්දියානු වෘත්තිකයන් මෙරටට ගලා ඒම මෙරට වෘත්තිකයන්ගේ රැකියා අවස්ථා අවදානමට ලක් කරනු ඇති බවයි එහිදී සඳහන් කෙරුණේ.
මෙම ගිවිසුම පිළබඳ මුල්ම සාකච්ඡාවන් ආරම්භ වූයේ මෙයට වසර 5කට පමණ පෙරයි. මෙහි 13 වැනි සාකච්ඡා වටය පසුගිය ජනවාරි මාසයේ පැවැත්වුණු අතර අප්‍රේල් ගිවිසුම අත්සන් කිරීම සඳහා මාර්තු 10-12 අතර තවත් සාකච්ඡා වටයක් පැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ වෘත්තියන්ගේ බිය දුරු කිරීමේ පියවරක් ලෙස ඊළඟ සාකච්ඡා වටයට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) වැනි සංවිධාන සමඟ සාකච්ඡා කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග විශ්වාසය පළ කළා.