ලයිකා සමූහ ව්‍යාපාරයේ හිමිකරු ආන්දෝලනාත්මක ධන කුවේරයෙකු වන අල්ලිරාජා සුබාස්කරන් ඊයේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
චැනල් අයි නාලිකාව කෙටිකාලීන ගිවිසුමක් මත ලයිකා මොබයිල් සමූහයට බදු දී ඇති බවට පසුගිය දා මාධ්‍ය වාර්තා පළ වුණා.
එක්සත් රාජධානිය පදනම් කරගත් Lyca සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපතිවරයා වන සුබාස්කරන්, දකුණු ආසියානු කලාපයේ, විශේෂයෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තුළ ඔහුගේ ව්‍යාපාර ප්‍රවර්ධනය කරමින් සිටිනවා. 2021 දී, ඔහු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමද මිලට ගනු ලැබුවා.
චැනල් අයි නාලිකාව ලයිකා සමූහ ව්‍යාපාරයට බදු දීම සම්බන්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කළ බවට මාධ්‍ය වාර්තා පළ වුණා. කෙසේ වෙතත් එම ගිවිසුම අනුව මාසිකව රුපියල් මිලියන 25ක කුලියකට නාලිකාවේ විකාශන අයිතිය ලබා දී ඇති බවයි පැවසුණේ.