අධිකරණය හමුවේ මරණ දඬුවම නියමවී වසර 35 ක් සැඟව සිටි පුද්ගලයෙකු පූගොඩ ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මඟින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් වරදකරුවූවෙක්.
සැකකරු 68 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු සිය අනන්‍යතාව හඳුනාගත නොහැකි පරිදි ජාතික හැඳුනුම්පත සහ උප්පැන්න සහතියකයද වෙනස් කර සිටි බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම ලැබූ මෙම ප්‍රධාන සැකකරුගේ බිරිඳව ද සැඟව සිටියදී පසුගිය පෙබරවාරි 9 වනදා අත්අඩංගුවට පත්වුණා.
අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.