නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
චරිත හේරත් මන්ත්‍රීවරයා කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයකු ද වන අතර කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමත් සමඟ එයින් ඉල්ලා අස්වූ මන්ත්‍රී ගණන තුනක් දක්වා ඉහළ ගිය ගොස් තිබෙනවා. රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා කෝප් කමිටුවේ සභාපති ධුරයට පත් කිරීම පසුගිය දා සිට ආන්දෝලනයට ලක් වුණා.