ඊයේ දිනයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් සභාව හෙවත් කෝප් කමිටුව හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවා තිබුණා. එහිදී ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු උණුසුම් ලෙසින් ප්‍රශ්න කරනු ලැබුවා.
ඕස්ට්‍රේලියානු T 20 සංචාරය සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායකයන් විාල සංඛ්‍යාවක් සහ නිළියන් කිහිප දෙනකු වෙනුවෙන් කෝටි ගණනක මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව ප්‍රශ්න කෙරුණා.
මෙම සංචාරය සඳහා රුපියල් කෝටි හයක් වැය කර තිබුණ බවයි අනාවරණය වූයේ. නාස්තිකාර ලෙස වියදම් කිරීම අවම කරන ලෙස කමිටුව නියෝග කරනු ලැබුවා. එමෙන්ම විදෙස් සංචාර සඳහා මාධ්‍යවේදීන් සහභාගි කර ගැනීම විනිවිද ලෙසින් කරන ලෙසත් කෝප් කමිටුව උපදෙස් දී තිබෙනවා.