“මගෙ ඖෂධ බාලයි කියන්නේ කොහොමද?” ඇසූ සැකකරුට කණ කිස් කන පිළිතුරක්

බාල ඖෂධ ගෙන්වු බව කියමින් රිමාන්ඩ් බාරයට පත් කොට සිටින ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා විසින් විවෘත අධිකරණයේදී, තමන් සපයා ඇති ඖෂධ පරීක්ෂා කිරීමට හැකියාවක් නැති බව ඖෂධ නියාමන අධිකාරිය දැනුම් බව දැනුම් දී ඇති තත්වයක් තුළ තමාගේ ඖෂධ බාල බව කියන්නේ කෙසේද? යනුවෙන් ප්‍රශ්න කර සිටියා.

එහිදී ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබා දුන් මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර රජයේ රෝහල්වලට බෙදා හැරීමට ලබා දුන් ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් සහ පිළිකා රෝගීන් වෙනුවෙන් ලබා දුන් ‘රිටොක්සි මැප්‘ නම් ව්‍යාජ ඖෂධ මිනිස් සිරුරකට ළං කිරීමටවත් සුදුසු තත්වයේ නැති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටුව වාර්තා කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම විසින් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරියට දැනුම් දෙනු ලැබුවා.

ව්‍යාජ ලේඛන සකස්කරමින් ව්‍යාජ ඖෂධ වර්ග රජයේ රෝහල්වලට බෙදා හැර රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කළ බවට වන නඩුකරයට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙක් මේ දක්වා බන්ධනාගාරගත කරනු ලැබ සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles