ව්‍යාජ හියුමන් ඉමියුනෝග්ලොබින් එන්නත් මිලට ගැනීම සම්බන්ධයෙන් තමා අත වරද නැති බව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු අදහස් පළ කළා.
පිළිතුරු නොදී සිටියොත් සත්‍ය සම්පූර්ණයෙන් විකෘති කර පුවත්පත්වල පළ වෙන කතා සහ කාටුන් සත්‍ය වෙන බවයි ඔහු පවසන්නේ.
ව්‍යාජ ඖෂධ ලබා දී අත්අඩංගුවේ පසුවන ව්‍යාපාරිකයා වසර 10ක් තිස්සේ තමාට ඖෂධ නිෂ්පාදනාගාරයක් ඇති බව කියමින් විවිධ අවස්ථාවල රජයට බෙහෙත් සැපයීමට උත්සාහ කළ අයෙක් බව හිටපු ඇමැතිවරයා පවසනවා. තමාගේ පත්වීමෙන් පසුවද එසේ ඉල්ලූ බවත් තමා කළේ එම ඉල්ලීම් ඖෂධ නියාමන අධිකාරියට යොමු කිරීම පමණක් බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළා.
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සැපයුම්කරුට හදිසියේ මුදල් ගෙවීම්වල තමන්ගේ කිසිදු සම්බන්ධයෙක් නොමැති බවත් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු ජාලය එය ක්‍රියාත්මක කර ඇති බවත් හිටපු අමාත්‍යවරයා අවධාරණය කරනවා.