රට බංකොලොත් වුණේ රනිල්-මෛත්‍රී නිසා: රංජිත් බණ්ඩාරගෙන් අමුතු කතාවක්

රට බංකොලොත් වීමේ වගකීම යහපාලන රජය බාරගත යුතු බව පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

අද ඇති වී තිබෙන තත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට රට කරගෙන යාමට ඉඩ නොදුන් නිසා ඇති වුණු තත්වයක් බව කී පාර්ලිමේන්තු මන්ත්‍රී බණ්ඩාර රට බංකොලොත් වීමේ වගකීම යහපාලන රජය භාර ගතු යුතු යැ යි ද රට ණය උගුලක හිර කර දමා දැන් ඒ අයම කයිය ගහන බවද වැඩිදුරටත් පැවසුවා.

මේ රටේ රාජපක්ෂවරු තරමට අවමානයට, ගැරහීමට ලක් වූ වෙනත් පිරිසක් නැතැයි කී මන්ත්‍රීවරයා රාජපක්ෂවරුන් මෙලෙස ගැරහීමට ලක් වන්නේ වෙන කිසිම හේතුවක් නිසා නොව අහිංසක ජනතාවට සහන ලබා දීමට ක්‍රියා කළ නිසා යැයි කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles