සයිබර් අපරාධ මඩින්න පොලිසීයට රට පුහුණුවක්

සයිබර් අපරාධ විමර්ශනය සහ කෘතිම බුද්ධිය පිළිබඳ විශේෂිත පාඨමාලාවක් සඳහා මෙරට පොලිස් නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවට ගොස් තිබෙනවා.

මෙම කණ්ඩායම ඉකුත් 03 වනදා ඉන්දියාව බලා පිටත්ව ගිය බවත් ඉන්දියාවේ හයිද්‍රාබාද්හි Central Detective Training Institute (CTDI) ආයතනයේදී ඔවුන් එම පුහුණුව ලබන බවයි පොලිසිය පවසන්නේ.

මෙම කණ්ඩායමට ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරිවරුන් 02ක් සහ පොලිස් පරීක්ෂකවරුන් 17 දෙනෙකු ඇතුළත් අතර ඔවුන් එළබෙන 16 වන සෙනසුරාදා යළි දිවයිනට පැමිණීමට නියමිතයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙම කණ්ඩායම අදාළ පාඨමාලාව සඳහා එක් වී ඇති බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles