විජයදාසගේ පෙත්සමට දුන් අධිකරණ නියෝගය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත පත්වීම නීති විරෝධී බවට තීන්දුවක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් කොළඹ දිසා අධිකරණයේ ගොනුකළ පැමිණිල්ලට එරෙහිව ගොනුකළ අභියාචනා පෙත්සමේ වැඩිදුර විභාගය අද (22) සිදුකිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය ඊයේ (21) දින නියම කළා.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගොනුකළ අභියාචනා පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී මෙසේ දින නියම කරනු ලැබුවා.

ගිහාන් කුලතුංග සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධනගෙන් සමන්විත සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම විභාගයට ගැනුණා.

විජයදාස රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා.

දීර්ඝ කරුණු දැක්වීම් වලින් අනතුරුව පෙත්සමේ වැඩිදුර විභාගය අදට(22) දින තෙක් කල් තබනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles