ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් පත්‍රයට එරෙහිව අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි අධිකරණ මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
“අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ කටයුතු දින 14කට අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් මෙම තහනම් නියෝගයක් නිකුත් කෙරෙුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුව පත්කිරීමේ ගැසට් නිවේදනය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඊයේ නිකුත් කරනු ලැබූ අතර අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ගත් තීරණය ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොදැන සිටි බවයි වාර්තා වුණේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා.
මෙම හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය විමර්ශනය කිරීම සඳහා 4 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය කමිටුවක් ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලදි.