දේශබන්දුගේ පෙත්සමකට අධිකරණ නියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි සහ කොටපිටියේ රාහුල හිමියන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කළේ පසුගිය දිනකදීයි.

මෙම අතරමැදි පෙත්සම අද යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූවා.

ඒ අනුව නියෝගය ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මෙම අතරමැදි පෙත්සමේ අන්තර්ගත කරුණුවලින් බැලූ බැල්මටම නඩුකරයක් අනාවරණය නොවන හෙයින් එය නිෂ්ප්‍රභ කරන බව දැනුම්දී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles