විරංජිත් තාඹුගලට අධිකරණ නියෝගයක්

ව්‍යාපාරික විරංජිත් තාඹුගලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදෙන්නැයි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර තිබෙනවා.

මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් විභාග කෙරෙන නඩුවකට අදාළව විරංජිත් තාඹුගලව සැකකරුවෙකු ලෙස නම්කර නොමැති හෙයින් විමර්ශන නිලධාරීන් ට එරෙහිව කරුණු ගොනු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද අධිකරණය දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ හේතුවෙන් විරංජිත් තාඹුගලට නැවත අධිකරණය හමුවේ පෙනීසිටීමේ අවශ්‍යතාවයක් නොමැති බව කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය දැනුම්දුන් බවද සඳහන්.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ ඉදිරි දිනයකදී විරංජිත් තාඹුගලට අදාළ ඒකකය හමුවේ පෙනීසිටින ලෙසට දැනුම්දීමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles