මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුවට දුන් අධිකරණ තීන්දුව

රජයට රුපියල් මිලියන 53 කට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට සහ වත්මන් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට එරෙහි නඩුවේ විත්තිවාචිකය කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය මගින් කැරම් බෝඩ් හා දාම් බෝඩ් මිලදීගෙන ඒවා ක්‍රීඩා සංගම් අතර බෙදාහැරීම තුළින් එම පාඩුව සිදුකළ බවට ඔවුන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබුණා.

මෙම නඩුවේ විත්තිවාචිකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන්නේද? නැත්නම් විත්තිවාචිකය කැඳවනවාද යන්න ප්‍රකාශ කරමින් අමල් රණරාජා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව විත්තිවාචිකය ඉදිරිපත් කිරීම අගෝස්තු මස 23 වනදා සිදුකරන ලෙසත් විනිසුරු මඩුල්ල විත්ති පාර්ශවයට නියෝග කළ බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles