නුවන් හෙට්ටිආරච්චි
සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් රජය ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා පෙත්සමක් ගොනු කර තිබෙනවා.
එසේම එම මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 17 වැනිදා විවෘත අධිකරණය හමුවේ කැඳවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ද ඉදිරිපත් කර තිබෙනවා.
ඒ නීතිඥ සුනිල් වටගල සහ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, එහි ලේකම් නීතිඥ ජනක අධිකාරි ඇතුළු හය දෙනක්.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා, මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ ප්‍රධානීන් සහ අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩල සාමාජිකයන්, කැබිනට් මණ්ඩල ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු 46 දෙනකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු භාණ්ඩාගාර බිල්පත් හා රජයේ බැඳුම්කරවල ආයෝජනය කර තිබෙන E.T.F සහ E.P.F අරමුදලේ ණය මුදල් කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිවෙනවා.