කොවිඩ් 19 වෛරසය යළිත් අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්තවල හිස එසවීමේ අවදානමක් මතුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ෆෙඩරල් සෞඛ්‍ය දත්තවලට අනුව සතිපතා නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත වන රෝගීන්ගේ ප්‍රමාණය ද ඉහළ ගොස් ඇති බවයි.
ඊට අමතරව කොරෝනා රෝග ලක්ෂණ යැයි සැක සහිතව කොවිඩ් 19 පරීක්ෂණ සිදු කරගැනීමේ ද ඉහළ අනුපාතයක් දක්නට ලැබෙන බවයි සඳහන් වන්නේ.
එසේම එරට සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ තම සමීපතමයෙකුට යම්කිසි අයුරින් උණ, හෙම්බිරිස්සාව, කැස්ස ආදී රෝග ලක්ෂණයක් ඇති වුවහොත් බොහෝ පිරිස් නිවසේ දී ම කොවිඩ් පරීක්ෂණ සිදු කරගැනීමට පෙළඹී ඇති බවයි.
මේ අනුව ත්‍රියාත්මක වු එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පරිපාලනය විසින් හදිසි භාවිතය සඳහා දුන් අවසරය යටතේ මිල දී ගැනීමට Covid-19 ප්‍රතිදේහජනක පරීක්ෂණ ලබා දී තිබෙන බවද සඳහන් වෙනවා.
මෙම පරීක්ෂණය සඳහා මිනිත්තු 20-30ක් පමණ වැය වන බවත් මෙහි ප්‍රතිඵල දින දෙකක් තුළ ලැබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.