රට ගැන හිතන මිනිසුන්ට එක් වෙන්න තැනක් හදනවා: සුගීෂ්වර බණ්ඩාර

සාම්ප්‍රදායික දේශපාලන මතවාදවලින් මිදී පක්ෂ දේශපාලනයෙන් එහාට ගිය රට ගැන හිතන මිනිසුන්ට එකතුවීමට තැනක් නිර්මාණය කරන බව සුගීෂ්වර බණ්ඩාර පවසනවා.

නව ජනතා පෙරමුණ මහරගම ආසන බලමණ්ඩල රැස්වීමේදී ඔහු මේ බව කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ අපිට එහෙම එක එක පුද්ගලයන්ගේ පෞද්ගලික අරමුණු වලට යට වෙලා දේශපාලනය කරන්න වුවමනාවක් නෑ, දේශපාලනය ව්‍යාපාරයක් කරගත්තු මිනිස්සු පස්සේ යන්න අපිට අවශ්‍යතාවක් නෑ.

ඒ නිසා අපි තීරණය කළා රටට ඔබින, ජනතාවට ගැලපෙන තැනක ඉදන් දේශපාලනය කරන්න. එහෙම ආපු ගමනෙදි අද අපිට සෙවණ දෙන මහා වෘක්ෂය තමයි ඔබත් මමත් ඇතුළුව අපි හැමෝගෙම නවාතැන වුන “නව ජනතා පෙරමුණ” කියන මෑත කාලයේ ඉතා වේගයෙන් ජනප්‍රිය වුන මේ අපේ පක්ෂය. මේක ඇතුලෙ තියෙනව ඔබට අපිට ලස්සන රටක් ගොඩනගන හීනයට යන සැලැස්ම. මේ රට හමුවේ ඇති ප්‍රධාන අභියෝග හදුනාගෙන ආර්ථික වශයෙන් ශක්තිමත්, කලාපීය වශයෙන් ශක්තිමත්, නොබැදි විදේශ ප්‍රතිපත්තියක් සමඟ අපි ඉදිරියට යන්නෙ කොහොමද කියල අපි අපේ පක්ෂ ප්‍රතිපත්තිය එළි දක්වමින් නුදුරේදීම කියන්න බලාපොරොත්තු වෙනවා.

අපිට අවශ්‍යයි මේ රටේ විතරක් නෙමෙයි, මුළු ලෝකය හමුවේ ඇති අභියෝග ජය ගන්න පුළුවන් තරුණ පරම්පරාවක්. අපේ බොහොමයක් අය හිතුවට අපි රට ඇතුලෙ කොහොමද දිනන්නෙ කියල, අපි පක්ෂයක් විදියට හිතන්නෙ රටක් විදියට ලෝකය ජය ගන්නෙ කොහොමද කියල, එතන තමයි නව ජනතා පෙරමුණ අනෙක් පක්ෂ වලින් වෙනස් වෙන තැන කියලා කියන්න පුළුවන්.

වැඩිදුරටත් ඔහු කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles